Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

24th January 2025 09:33:40 Hours

10 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් තෙන්නියන්කුලම් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරන ලදී

2025 ජනවාරි 19 වන දින, 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඑන්ඩී කරුණාපාල ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් පරිදි සහ 561 පාබල බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් බීඩී ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සීපීඑස්සී ගේ මඟ පෙන්වීම යටතේ සහ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කේඒකේ හේවාපතගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජෙෂ්ඨ නිලධාරි තුමාගේ අධීක්ෂණය යටතේ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස්, විසින් තෙන්නියන්කුලම් ප්‍රදේශයේ තෙන්නියන්කුලම් වැව් බැම්මේ පිටවානේ හානි වූ කොටසප්‍රදේශයේ සිවිල් වැසියන් සහ රාජ්‍ය නිලධාරින්සමඟ සහයෝගයෙන් සාර්ථකව අලුත්වැඩියා කරන ලදී.

යුධ හමුදාව හා සිවිල් වැසියන් අතර සංහිදියව වර්ධනය කරගැනීමේ අරමුණින් අදාළ රජයේ නිලධාරීන් සහ ප්‍රාදේශීය සිවිල් වැසියන් 100 කට ආසන්න පිරිසක් සහ මෙම ඒකක නිලධාරින් 3 ක් සහ සෙනින් 30 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම කාලෝචිත ප්‍රජා සත්කාර වැඩසටහන සාර්ථකව නිමකරන ලදි.

මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම තුළින් තිරසාර සංවර්ධනයක් ඇති කිරීම සඳහා යුධ හමුදාව, රජයේ බලධාරීන් සහ ප්‍රාදේශීය ප්‍රජාවන් අතර සහයෝගීතාවයේ වැදගත්කම තවදුරටත් අවධාරණය කෙරේ. මෙම ජයග්‍රහණය සාම්ප්‍රදායික හමුදා භූමිකාවන්ගෙන් ඔබ්බට ජාතියට සේවය කිරීම සඳහා හමුදාවේ නොසැලෙන කැපවීමට තවත් සාක්ෂියකි.