20th January 2025 16:21:39 Hours
591 පාබල බළසේනාවේ 11 වන බළසේනාධිපති ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් කර්නල් එම්එස්අයි අලුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 ජනවාරී මස 16 වන දිනට යෙදුන සුභ මොහොතින් වැඩභාර ගෙන රාජකාරී ආරම්භ කරන ලදී.
එහිදී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව බළසේනාධිපති තුමන් හට සම්මාන මුරයක් පිරිනමා එම මොහොත සනිටුහන් කරමින් පැලයක් රෝපනය කරන ලදී. පසුව සිය කාර්යාලයේදී, ආගමික වතාවත්වලින් අනතුරුව, ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තැබීය.
අනතුරුව, එතුමන් බළසේනාවේ සියලු නිලයන් අමතමින්, බළසේනාවේ අනාගතය පිළිබඳ තම දැක්ම බෙදා ගත්තේය.