Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

18th January 2025 14:24:29 Hours

54 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් එ එම් සී පීවිජයරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්පිඑස් පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරි රාජකාරි භාරගන්නා ලදි.

බ්‍රිගේඩියර් චමින්ද විජයරත්න ජ්‍යෙෂ්ඨ නිළධාරි 2025 ජනවාරි මස 17 වන සිකුරාදා දින මන්නාරම 54 වන පාබල සේනාංක මූලස්ථානයේ පැවති උත්සවයකදී නව සේනාංකාධිපති ලෙස රාජකාරී භාරගන්නා ලදී.

යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව, බ්‍රිගේඩියර් චමින්ද විජයරත්න ජ්‍යෙෂ්ඨ නිළධාරි කදවුරු පරිශ්‍රයට පැමිණීමේදී 4 වන විජයබාහු රෙජිමේන්තු භට පිරිස් විසින් කදවුරු මුරයක් පිරිනමන ලද අතර, දිනයේ පළමු අංගය ලෙස සේනාංක මූලස්ථානයේ පිහිටි ස්මාරකය වෙත පැමිණ මියගිය රණවිරුවන් සිහිකිරීම සඳහා උපහාර දැක්වීය.

පසුව, බ්‍රිගේඩියර් චමින්ද විජයරත්න ජ්‍යෙෂ්ඨ නිළධාරී ආගමික (බෞද්ධ, කතෝලික, ඉස්ලාම්, හින්දු) පූජකවරුන්ගේආශිර්වාද මධ්‍යයේ සේනාංකාධිපති ධූරයේ වැඩ භාරගන්නා ලදි.‍

වැඩ සටහන්මාලාවට අනුව නව සේනාංකාධිපතිතුමන්සේනාංක මූලස්ථානය යටතේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිළධාරීන්‚ නිලධාරීන්සහ සෙසුනිළයින්සමඟසමූහඡායාරූපයකටපෙනීසිටින ලද අතර, ඉන් අනතුරුව 54වනපාබලසේනාංකකාර්යාලසංකීර්ණය ඉදිරිපස අඹපැළයක්රෝපණයකරනලදි.

ඉන් අනතුරුව සේනාංකාධිපති සිය රාජකාරි ස්වභාවය සහ ඔහුගේ ඉදිරි වැඩ පිළිවෙල පිළිබද සේනාංකයේ සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් නිලවශයෙන් අමතා, කැපවීමෙන් සහ උසස් විනයකින් යුතුව කටයුතු කරන ලෙස ඔවුන් දැනුවත් කරන ලදි. භට පිරිස් ඇමතීම අවසානයේ සේනාංකාධිපතිතුමන්සියලු නිලයන්සමඟ තේපැන්සංග්‍රහයකට සහභාගී විය.

වැඩසටහනේ මීලග අංගය ලෙස කර්නල් ප්‍රමානී, ප්‍රමානි 1 (ක්‍රියා) සහ බුද්ධි නිළධාරී විසින් බලප්‍රදේශය පිළිබද විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් නව සේනාංකාධිපතිතුමන් වෙත ඉදිරිපත් කරන ලද අතර, අවසාන අංගය ලෙස නිළධාරී නිවස්නයේ සියලු නිළධාරීන් සමගින් දිවා භෝජන සංග්‍රහයකට එක් වන ලදි.

541, 542 සහ 543 පාබල බළසේනාවන්හි බළසේනාධිපතිවරුන්‚ අණදෙනනිලධාරීන්, ජ්‍යෙෂ්ඨ/කණිෂ්ඨනිලධාරීන් සහ සෙසුනිලයින් වැඩ භාරගැනී මේ අවස්ථාව සදහා එක්විය.

බ්‍රිගේඩියර් චමින්ද විජයරත්න ජ්‍යෙෂ්ඨ නිළධාරී 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයට පත්වීමට පෙර බ්‍රි‍ගේඩියර් සම්බන්ධිකරණ නිළධාරී ත්‍රිවිධ හමුදා ඉඩම් (උතුරු/නැගෙනහිර) ලෙස රාජකාරී ඉටු කළේය.