31st December 2024 16:37:09 Hours
541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අයි පී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ උපදෙස් පරිදි මෙම දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සදහා 541 පාබල බළසේනා මුලස්ථානයේ නිලධාරින් , භටපිරිස් සහ පාසල් ළමුන්ගේ ද සහභාගීත්වයෙන් ඩෙංගු මර්ධන වැඩසටහනක් යටතේ 2024 දෙසැම්බර් මස 30 වන දින කල්ලියඩි දෙමළ මිශ්‍ර ප්‍රාථමීක පාසලේදී සිදුකරන ලදි. තවද, යුද්ධ හමුදාව සහ සිවිල් වැසියන් අතර සුහදත්වය ඇති කිරිම හා පාසල් ළමුන්ගේ අභිවෘධිය වෙනුවෙන් මෙම වැඩසටහන සිදු කරන ලදී.