Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

20th December 2024 13:26:25 Hours

මියන්මාර් සරණාගතයින් මුදවා ගැනීම

මියන්මාර් සරණාගතයින් 102 රැගත් බොට්ටුවක් මුලතිව් - වෙල්ලමුල්ලිවෛක්කාල් වෙරළට සේන්දු වීමට උත්සහ කිරීමේදී යුද්ධ හමුදාව සහ නාවික හමුදාව මගින් ආරක්‍ෂක හේතූන් සහ අනාරක්‍ෂිත ගොඩ බැසීමක් හේතුවෙන් අත්හිටුවන ලද අතර, පසුව එම යාත්‍රාව වැඩිදුර පරීක්‍ෂණ සඳහා ත්‍රිකුණාමලය වරාය වෙත යොමු කරන ලදි. තවද, එම බෝට්ටුව මුහුදෙහි නැංගුරම්ලා සිටින කාලය තුල 59 පාබල සේනාංකායේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩිආර්එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් පරිදි 593 පාබල බලසේනාවට අයත් 6 ශ්‍රීලංකා ජාතික ආරක්‍ෂක බලඇණියේ භටපිරිස් විසින් දින කිහිපයක් ආහාර නොමැතිව සිටි සරණාගතයින් වෙත මානුෂිය ආධාර වශයෙන් ආහාර පාන සහ අනෙකුත් සනිපාරක්ෂක අවශ්‍යතාවයන් ලබා දීමට කටයුතු කරන ලදි.