25th November 2024 15:29:39 Hours
ආරක්ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් ජේ පී සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩිසී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්විම හා බ්‍රිගේඩියර් ප්‍රමානි බ්‍රිගේඩියර් කේ එම් වී කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ අධික්‍ෂණය යටතේ 1 වන සන්නද්ධ බුද්ධි බලකාය වෙතින් පවත්වන ලද මූලික දෙමළ භාෂා පාඨමාලා 2024 - අධියර II හිසමාප්ති උත්සවය ආරක්‍ෂක සේනා මුලස්ථානය වන්නි කර්නල් ප්‍රමානි කර්නල් ආර් එම් සුභසිංහ ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2024 නොවැම්බර් 23 වන දින 1 සන්නද්ධ බුද්ධි බලකායේදී පවත්වන ලදි. එහිදී මාසයක කාලයක් පැවැති පාඨමාලාවේ නිමාව සනිටුහන් කිරිම සදහා සහභාගිවු අයවළුන්ගේදමිළ භාෂා හැකියාව පිළිබිඹු වන පරිදි ප්‍රසංගයකින් විසිර යාමේ උත්සවය සරසා තිබුණි.
මෙම පාඨමාලාව සදහා ආසේමු (වන්නි) බලප්‍රදේශයේ රාජකාරි නියුතු සියළුම රෙජිමේන්තු නියෝජනය කරමින් සෙබළුන් 39 දෙනෙකු සහ කාන්තා සෙබලියන් දෙදෙනෙකු සහභාගිවී සිටින ලදි. එහිදී පාඨමාලාවේ දක්ෂතම සෙබලාට හිමි සහතිකය 2 (සෙව්) ශ්‍රීලයුකාබ ඒකකයෙහි සෙ/ආර්102498 සාසෙ දිල්රංගි කේජිඑන්එස් යන කාන්තා සෙබළිය විසින් හිමි කර ගන්නා ලදි.