Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

13th November 2024 06:38:39 Hours

මුලතිව් කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ පැවති වාර්ශික කඨින පූජා පිංකම

මුලතිව් ශ්‍රී සම්බෝධි විහාරයේ වාර්ශික කඨින පූජා මහෝත්සවය 2024 නොවැම්බර් මස 09 හා 10 දෙදින තුල පූජ්‍ය තිස්සපුර ගුණරතන හිමියන්ගේ මඟපෙන්වීම යටතේ 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩි ආර් එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි සහ 591 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්ජෙ උබේසේකර ආර්එස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ පුර්ණ අධික්ෂණය යටතේ සිදු විය.

මෙම වාර්ෂික කඨින පූජා උත්සවය සංවිධානය කිරීම සඳහා 591 පාබල බළසේනාව, 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 10 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් භට පිරිස් සිය ශ්‍රම දායකත්වය ලබා දෙන ලදි.

තවද, මෙම කඨින මහා පිංකම සදහාබෞද්ධ සැදැහැවතුන් 200 කට ආසන්න පිරිසක් කෝකිලායි, නුගේගොඩ, පිළියන්දල, පාදුක්ක, ගම්පහ, නිට්ටඹුව, වරකපොළ, පදවිශ්‍රීපුර සහ ජනකපුර යන ප්‍රදේශයන් නියෝජනය කරමින් සහභාගි වූ අතර, යුද්ධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් හා සෙසුනිලයින්ගේද සහභාගිත්වයෙන් මෙම කටයුක්ත ඉතා උත්කර්ෂවත් අන්දමින් සිදු කරන ලදි.