25th October 2024 12:42:38 Hours
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්එස්සිකේ වනසිංහ ආරඑස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ බදාදා පුහුණුවිම් දිනයට සමගාමීව CPR (හෘද පෙණහලු පුනර්ජිවනය) පිළිබඳ දේශණයක් 2024 ඔක්තෝබර් 23 දින 21 පාබල සේනාංක මුලස්ථාන ශ්‍රවනාගාරයේදි පවත්වන ලදී. මෙම දේශනයේ ප්‍රධාන අවධානය යොමු වූයේ හදිසි හෘදයාබාධයක් අතරතුර හෘද ස්පන්දනය නතර වූ විට ජීවිතාරක්ෂක ක්‍රියා පිළිවෙත පිළිබඳව හමුදා නිලධාරීන් දැනුවත් කිරීමයි. මෙම දේශනය 2024 ඔක්තෝම්බර් 23 වන දින 21 පාබල සේනාංක මූලස්ථානයේදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ නිර්වින්දන වෛද්‍ය විශාකා කර්නර් (MMBS MD FRCA MRes) සහ වෛද්‍ය ලෙවන් කාරියවසම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වෛද්‍ය කණ්ඩායමක් විසින් පවත්වන ලදී. මෙම දේශණය සදහා 21 පාබල සේනාංකයේ සහ 212 පාබල බළසේනාවේ රාජකාරි නියුතු නිලධාරීන් 20 ක් සහ සෙබළුන් 150 ක් සහභාගී වූහ.