22nd October 2024 23:06:16 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 35 කට වැඩි සක්‍රීය කීර්තිමත් සේවයක් සිදුකල එම ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා යුධ හමුදාවේ ප්රමුඛයෙකු ලෙස විශ්‍රාම ගැනීම වෙනුවෙන් මෙම සේනාංක මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරි/නිලධාරි සහ සෙසුනිලයන් විසින් හෘදයාංගම උනුසුම් සුභපැතුම් පලකරන ලදි. තවද මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් නික්මයාම වෙනුවෙන් යුද්ධ හමුදා සාම්ප්‍රදායික ක්‍රමවේදයට අනුව මෙම පාබල සේනාංක මූලස්ථානය යටතේ පාලනය වන ඒකකය වෙතින් උත්කර්ෂවත් ලෙස ඛණ්ඩ හයකින් සමන්විත සම්මාන පෙළපාලියක් පිරිනැමීමට ප්‍රථම මෙම පාසේමු කර්නල් පාලන/භාකාස වශයෙන් රාජකාරි නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වන කර්නල් එම්එස්ආර් මොහොමඩ් එල්එස්සී විසින් නික්ම යන සේනාංකාධිපති තුමන් පිළිගත් අතර, විචිත්‍රවත් වූ සම්මාන පෙළපාලිය පරික්ෂා කිරීම සදහා මෙම පාසේමු කර්නල් ප්‍රමානි ලෙස රාජකාරි නියුතතු කර්නල් ආර්එස් බටගලල් ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නික්මයන සේනාංකාධිපති තුමන් පෙළපාලිය පරීක්ෂණ කටයුතු සිදුකිරීම සදහා කැදවාගෙන යන ලදි.
මෙම පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති වශයේ රාජකාරි කරනු ලැබූ මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි 2024 ඔක්තෝම්බර් 19 වන දින මෙම සේනාංක මූලස්ථානයෙන් නික්ම යන අවස්ථාවේදී මෙම පාබල සේනාංක මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරි/නිලධාරි සහ නිලධාරිණි/ බළසේනාධිපති වරුන්/ ඒකක අණදෙන නිලධාරි වරුන් සහ මෙම සේනාංක මූලස්ථානයේ සහ බළසේනා, ඒකක සියලුම සෙසුනිලයින් විසින් නික්ම යන සේනාංකාධිපති හට අති උත්කර්ෂවත් ලෙස සමුදෙන ලදි.