22nd October 2024 23:01:09 Hours
17 (සෙව්) ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුවේ භට පිරිස්හි මූලිකත්වයෙන් වව්නියාව පම්පෙමඩු ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසේ ඉදිකිරීම් කටයුතු 2024 ඔක්තෝබර් මස 19 වන දින සාර්ථකව අවසන් කෙරිනි. නව නිවස විවෘත කිරීමේ උත්සවය සදහා 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි සහභාගි වූ අතර, සේනාංකාධිපති තුමාගේ සුරතින් නිවාසලාභීන් වෙත නව නිවසේ යතුර ප්‍රධානය කරනු ලැබීය.ඉන්සි සිමෙන්ති සමාගමේ කළමණාකරු චන්දන නානායක්කාර මහතාගේ මූල්‍ය අනුග්‍රහකත්වය මත මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු නිම කරන ලදි.