09th October 2024 06:29:11 Hours
56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි RSP ndc psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්විම නායකත්වය යටතේ, 12 (V) විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් විශේෂ ඇස් කණ්ණාඩි ප්රදානය කිරීමේ වැඩසටහනක් 2024 ඔක්තෝම්බර් 2 වන දින, කාක්යන්කුලම් ප්‍රජා ශාලාවේදී සංවිධානය කරන ලදී.
අක්ෂි පරීක්ෂණ සායනයක් සහ නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදීම හරහා ප්‍රදේශවාසීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම මෙම වැඩසටහනේ අරමුණයි. උත්සවය අතරතුර, සිවිල් වැසියන් 102 දෙනෙකුට ඇස් කණ්ණාඩි ප්රදානය කරන ලද අතර, ඔවුන්ගේ දැක්ම සහ සමස්ත යහපැවැත්ම බෙහෙවින් වැඩි දියුණු කරන ලදී. මෙම වැඩසටහන දියත් කරන ලද්දේ සහකාර නැවත පදිංචි කිරීම් සහ පුනරුත්ථාපන සංවිධානයේ (UK & SRI LANKA) සභාපති ආචාර්ය වී සර්වේෂ්වරන් මහතාගේ නොමසුරු දායකත්වයෙනි.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සේනක කස්තුරිමුදලි RSP ndc pscජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහභාගීත්වයෙන් උත්සවය පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා 562 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 12 (V) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ද සහභාගී විය. තවත් වැදගත්කමක් එක් කරමින් කාක්යන්කුලම් දේවස්ථානයේ සභාපති බසීර් මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
අක්ෂි සායනය තුළදී සිවිල් වැසියන් 102 දෙනෙකුට ඇස් කණ්ණාඩි බෙදාදීමෙන් ඔවුන්ට පෙනීම වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සිදු කරන ලදී. මෙම උත්සවය අති සාර්ථක වූ අතර, සහභාගී වූ සියල්ලන්ටම ධනාත්මක බලපෑමක් ඇති කරමින් සිවිල් ප්‍රජාව තුළ හමුදාවේ කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කළේය.