02nd October 2024 18:34:44 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 75 වෙනි සංවත්සරයට සමගාමිව ආරක්ෂක සේනා මුලස්ථානය (වන්නි) වෙතින් වව්නියාවේ වැඩිහිටි නිවාසය සදහා 2024 ඔක්තෝම්බර් මස 02 දින දිවා ආහාරය පිරිනමනු ලැබීය. වැඩිහිටියන් 100 කට අධික පිරිසක් සදහා පිරිනමනු ලැබු මෙම දානය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ පී සී පිරීස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩිසී ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.
මෙම වැඩසටහන සදහා ආරක්ෂක සේනා මුලස්ථානය (වන්නි) හි බ්‍ර්ගේඩියර් ව්‍යාපෘති, බ්‍ර්ගේඩියර් ප්‍රධාන මණ්ඩලික , කර්නල් පාලන/භකාස ඇතුලු නිළධාරින් හා සෙසු නිළයන් රැසක් සහභාගි විය.