Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

15th September 2024 08:49:57 Hours

54 පාබල සේනාංකයෙහි 14 වන සංවත්සරය සමරයි

54 වන පාබල සේනාංකය 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්පීඒ්ආර්පී රාජපක්‍ෂ ආර්එස්පිගේ මග පෙන්විම යටතේ 2024 සැප්තැම්බර් 10 වන දින සිය 14 වන සංවත්සරය සමරන ලදී.

14 වන සංවත්සරයට සමගාමීව 54 වන පාබල සේනාංකයේ කාර්යමණ්ඩලය විසින් 2024 සැප්තැම්බර් 04 වන දින විවිධ ආගමික කටයුතු සංවිධානය කරන ලදී. හින්දු ආගමික වතාවත් මන්නාරම තිරුකේතීස්වරම් කෝවිලේදීද,ඉස්ලාමීය ආගමික වතාවත් මන්නාරම පල්ලියේදීද, කිතුනු ආගමික වතාවත් මන්නාරම පල්ලියේදීද පැවැත්විණි.

සංවත්සර උත්සවයේ ප්‍රධාන අංගයක් වශයෙන් 2024 අගෝස්තු 27 සිට සැප්තැම්බර් 8 දක්වා ක්‍රිකට්, වොලිබෝල්, සහ කඹ ඇදීමේ තරඟ ඇතුළුව තරගාවලි කිහිපයක් ක්‍රීඩා තරඟාවලියක් පැවැත්විණ.

උද්වේගකර ක්‍රිකට් අවසන් මහා තරගයේදී 8 වැනි විජයබාහු පාබල රෙජිමේන්තුව ශූරයන් බවට පත්විය. 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුව වොලිබෝල් ශූරතාව සහ කඹ ඇදීමේ තරඟ දෙකම ජයග්‍රහහණය කරමින් තම ශක්තිය සහ අධිෂ්ඨානය ප්‍රදර්ශනය කළේය.

2024 සැප්තැම්බර් මස 08 වන දින මාතොට එරීනා ක්‍රීඩාසංකීර්ණයේදී 54 වන සේනාංකයේ සියලුම භඨපිරිස් සඳහා සංගීත සංදර්ශනයක් වත්වන ලද අතර 54 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, බලසේනාධිපතිවරුන්, අණදෙනනිලධාරීන් සහ 54 වන පාබල සේනාංකයේ සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගීවූ අතර එහිදී ඔවුන්ගේ ජයග්‍රහණ අගයමින් කුසලාන සහ සහතිකපත්බෙදාදෙන ලදී.

2024 සැප්තැම්බර් 10 වැනි දින පැවතිසංවත්සර උත්සවයේදී 54 පාබල සේමු හි සේනාංකාධිපති වන මේජර් ජෙනරාල්රොහාන් රාජපක්ෂ විසින් භඨ පිරිස් අමතන ලද අතර, සේනාංකයේ සාර්ථකත්වය සඳහා භට පිරිස්වල කැපවීම, දායකත්වය,නිපුණත්වය පිළිබඳව ප්‍රශංසා කළේය. ඉන් අනතුරුව, සේනාංකය තුළ සියළු නිලයින් අතර සුහදතාවය වර්ධනය කිරිමේ අරමුණින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, ජ්‍යෙකොනොනි සහ කොනොනින් සහ සෙසු නිලයින් සම්බන්ධ කර ගනිමින් සියළු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත්විණි.

වැඩසටහනෙහි අවසාන අංගය ලෙස සම්ප්‍රදායන්ටඅනුකූලව "මනුවෙහෙර " විහාරස්ථානයේදී එදින සවස බෝධිපූජාපිංකමක් සිදුකරන ලදි.