09th September 2024 09:16:39 Hours
යුද්ධ හමුදා 75 වන සංවත්සරය නිමිත්තෙන් සහ මනුසත් ජීවිතයක් බේරාගැනීමේ තේමාව පෙරදැරි කර ගනිමින් ත්‍යාගශීලි භාවයෙන් යුතුව 56 පාබල සේනාංකය විසින්මෙමසේනාංකයයටතේ පාලනය වන පාබසේමු සහ ඒකක සදහා ලේ දන්දීමේ කදවුරක් 2024 සැප්තැම්බර් මස 03 වන දින 56 පාබල සේනාංක යේදී පවත්වනු ලැබූ අතර ඒ සදහා යුද්ධ හමුදා නිලධාරීන් 7 හා සෙසුනිලයින් 134 ඇතුළු 141 දෙනෙකුට අධික පිරිසක් සහභාගි වන ලදි
56 පාබල සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩිසී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උදාර සංකල්පයකට අනුව වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය සමග සහ සම්බන්ධතාවයෙන් යුතුව මෙම වැඩසටහන පවත්වන ලදි.