Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

26th July 2024 19:49:02 Hours

ඔරු පැදීමේ තරඟය 56 පාබල සේනාංක භට පිරිස් උද්දාමයට පත්කරයි

56 වන පාබල සේනාංකයේ භට පිරිස් සඳහා ක්‍රීඩාශීලිත්වය, සුහදතාවය, විනෝදාස්වාදය සහ අත්දැකීම් වර්ධනය කිරීමේ අරමුණින් ඔරු පැදීමේ තරඟය 2024 ජූලි 24 වන දින කොක්එලිය පේයාඩිකුලම් වැවේදී පවත්වන ලදී. මෙම උත්සවය 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම යටතේ 562 පාබල බලසේනාවේ භට පිරිස් විසින් සංවිධානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සේනාංකාධිපතිතුමන් සහභාගී විය.

සහභාගිවන්නන් තනි, ද්විත්ව, ත්‍රිත්ව ඉසව් ලෙස කාණ්ඩ තුනක් හරහා උද්යෝගිමත් තරඟයක නිරතවිය. ජයග්‍රාහකයන්ට කුසලාන සහ මුදල් දිරි දීමනා ප්‍රධාන ආරාධිත අමුත්තා අතින් ප්‍රධානය කෙරිණි.

‘රඹවැට්ටි නන්නීර්’ දේශීය ධීවර සමිතිය සමඟ සහයෝගීතාවයෙන් මෙම උත්සවයේ සාර්ථකත්වය තවදුරටත් වර්ධනය විය. ඔරු පැදීමේ තරඟය බාධාවකින් තොරව ක්‍රියාත්සක කිරීම සදහා බෝට්ටු සහ හබල් සැපයීමේ දී ඔවුන්ගේ සහ යෝගය ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටුකළේය. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් වැසියන් මෙම අවස්ථාවට සහ භාගීවූහ.