Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

24th July 2024 12:12:38 Hours

21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති 211 පාබල බලසේනාව වෙත සිය ප්‍රථම නිල සංචාරය

21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්එස්සීකේ වනසිංහ ආර්එස්පී යූඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරි 2024 ජූලි 16 වන දින 211 පාබල බලසේනාව, 9 වන ගජබා රෙජිමේන්තුව සහ 5 (ස්වේ) ගජබා රෙජිමේන්තුව වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදී.

211 පාබල බලසේනාවේ බලසේනාධිපති, බ්‍රිගේඩියර් අයි.එන්. කඳනාආරච්චි ආර්එස්පී විසින් 21 වන සේනාංකයේ සේනාංකාධිපති ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී. යුධ හමුදා චාරිත්‍රානුකූලව කදවුරු මුරය පිළිගැන්වීමෙන් අනතුරුව කාර්යාල පරිශ්‍රය අසල අඹ පැළයක් රෝපණය කරන ලදී.

211 වන පාබල බලසේනාවේ බලසේනාධිපති සහ යටතේ ඇති ඒකකයන්හි අණදෙන නිලධාරීන් විසින් සවිස්තරාත්මක තම බල ප්‍රෙද්ශයන් සම්බන්ධව ඉදිරිපත් කිරීම් සිදුකල අතර වැදගත් කරුණු සම්බන්ධයෙන් සේනාංකාධිපති නිලධාරීන් සමඟ වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී. අනතුරුව කාර්යාල පරිශ්‍රය ඉදිරිපිට සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර දේශන ශාලාවේදී භට පිරිස් ඇමතීම සිදුකරන ලදී. සේනාංකාධිපති තුමාගේ දේශනය අතරතුර වටිනා අදහස් හා උපදෙස් සියලුදෙනා වෙත ලබා දෙන ලදී.