Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

22nd July 2024 20:08:13 Hours

56 පාබල සේනාංකයේ වී අස්වනු නෙලීමේ උත්සවය

යල කන්නය වෙනුවෙන් 56 සේනාංකයේ වී අස්වනු නෙලීමේ උත්සවය බෞද්ධ සහ හින්දු සංස්කෘතික සහ ආගමික චාරිත්‍ර වාරිත්‍ර වලට අනුකූලව 56 පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරි විසින් ආරම්භ කරන ලදි. සේනාංකාධිපති උපදෙස් වලට අනුව අක්කර 4 ක් පුරා කෙටි කාලීන වී විශේෂයන් වගාකරන ලද අතර අස්වනු මුල් කොටස වඩා හොද අස්වනු ලැබීමේ බලාපොරොත්තුව ඇතිව අස්වනු ලබන ස්ථානයේ තබන ලදි.

තවදුරටත් මෙම අස්වැන්න යුධ හමුදා සාමාජිකයින් සදහා සහනදායි මිලට ලබා දෙනු ඇත.

56 සේනාංක සේනාංකාධිපති, නියෝජ්‍ය සේනාංකාධිපති, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසු නිලයන් මේ සදහා සහභාගි විය.