Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

18th July 2024 19:19:41 Hours

54 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් ආර් පී ඒ ආර් පී රාජපක්‍ෂ ආර්ඒස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරි රාජකාරි භාරගන්නා ලදි

මේජර් ජෙනරාල් රොහාන් රාජපක්ෂ ජ්‍යෙෂ්ඨ නිළධාරි 2024 ජූලි මස 16 වන අගහරුවාදා දින මන්නාරම 54 වන පාබල සේනාංක මූලස්ථානයේ පැවති උත්සවයකදී නව සේනාංකාධිපති ලෙස රාජකාරී භාරගන්නා ලදී.

යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව, මේජර් ජෙනරාල් රොහාන් රාජපක්ෂ ජ්‍යෙෂ්ඨ නිළධාරි කදවුරු පරිශ්‍රයට පැමිණී මේදී කදවුරු මුරයක් පිරිනමන ලද අතර, දිනයේ පළමු අංගය ලෙස සේනාංක මූලස්ථානයේ පිහිටි ස්මාරකය වෙත පැමිණ මියගිය රණවිරුවන් සිහිකිරීම සඳහා උපහාර දැක්වීය. අනතුරුව 4 වන ගජබා රෙජිමේන්තු භඨ පිරිස් විසින් සම්මාන මුරයක් පිරිනමන ලදී.

පසුව, මේජර් ජෙනරාල් රොහාන් රාජපක්ෂ ජ්‍යෙෂ්ඨ නිළධාරී ආගමික (බෞද්ධ, කතෝලික, ඉස්ලාම්, හින්දු) පූජකවරුන්ගේ ආශිර්වාද මධ්‍යයේ සේනාංකාධිපති ධූරයේ වැඩ භාරගන්නා ලදි.‍

වැඩසටහන් මාලාවට අනුව නව සේනාංකාධිපති තුමන් සේනාංක මූලස්ථානය යටතේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිළධාරීන්‚ නිලධාරීන් සහ සෙසුනිළයින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදි.

ඉන් අනතුරුව සේනාංකාධිපති සිය රාජකාරි ස්වභාවය සහ ඔහුගේ ඉදිරි වැඩ පිළිවෙල පිළිබද සේනාංකයේ සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් නිල වශයෙන් අමතා, කැපවීමෙන් සහ උසස් විනයකින් යුතුව කටයුතු කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින ලදි.

පසුව 54 වන පාබල සේනාංක කාර්යාල සංකීර්ණය ඉදිරිපස අඹ පැළයක් රෝපණය කරන ලද අතර‚ ඉන් පසු සේනාංකාධිපති තුමන් සියලු නිලයන් සමඟ තේ පැන් සංග්‍රහයකට සහභාගී විය

වැඩසටහනේ අවසාන අංගය ලෙස කර්නල් ප්‍රමානී සහ බුද්ධි නිළධාරී විසින් බලප්‍රදේශය පිළිබද විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් නව සේනාංකාධිපති තුමන් වෙත ඉදිරිපත් කරන ලදි.

541, 542 සහ 543 පාබල බළසේනාවන්හි බළසේනාධිපතිවරුන්‚ අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ/ කණිෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් වැඩ භාරගැනීමේ අවස්ථාව සදහා එක්විය.

මේජර් ජෙනරාල් රොහාන් රාජපක්ෂ ජ්‍යෙෂ්ඨ නිළධාරී 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයට පත්වීමට පෙර යාපනය 55 පාබල සේනාංක මූලස්ථානයෙහි නියෝජ්‍ය සේනාංකාධිපති ලෙස රාජකාරී ඉටුකළේය.