Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

16th July 2024 20:13:21 Hours

59 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති තම දූරයේ රාජකාරි භාරගැනීම

59 වන පාබල සේනාංකයේ 22 වන සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් යුකේඩිඩිපි උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් 2024.07.15 වන දින තම දූරයේ රාජකාරි භාරගන්නා ලදි. මෙහිදී යුද්ධ හමුදා පිළිවෙතට අනුව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් මගින් සේනාංකාධිපති තුමන් පිළිගත් අතර, ආගමික වතාවන් අතරතුර තම දූරයේ රාජකාරීන් භාරගැනීමෙන් අනතුරුව, රාජකාරීන් භාරගැනීම සනිටුවන් කරමින් කඳවුරු භූමියේ පැලයක් රෝපනය කර සමූහ ඡායාරූපයට පෙනි සිටියේය.

නව සේනාංකාධිපති වශයෙන් සියළුම නිලයින් අමතා සේනාංකාධිපති තුමන්ගේ ඉදිරි දැක්ම සහ සැළසුම් පිළිබඳ සියළුම නිලයින් දැනුවත් කල අතර, ඉන් පසු සියළුම නිලයින් සඳහා සූදානම් කරන ලද තේ පැන් සංග්‍රහයට සහභාගි විය.

නියෝජ්‍ය සේනාංකාධිපති, කර්නල් ප්‍රධාන මාණ්ඩලික, කර්නල් සම්බන්ධිකරණ සහ කර්නල් පාලන/භකාස ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සේනාංකයේ කාර්යභාරයන්, වගකීම්, භටපිරිස් ස්ථානගතවීම්, බළප්‍රදේශය තුල ක්‍රියාන්විත සිදුකරන ආකාරය සහ 59 වන පාබල සේනාංකයේ ඉදිරි සැළසුම් පිළිබඳ ඉදිරිපත් කිරිමක් සිදුකිරිමෙන් පසු දවසේ වැඩසටහන් නිමා කරන ලදි.