Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

14th July 2024 14:12:18 Hours

10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලඇණිය විසින් බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කර ඇත

10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස්හි බලඇණි පුහුණු පාඨමාලාව 2024 මැයි මස 20 දින සිට 2024 ජුලි මස 09 දින දක්වා ආලංකුලම බළඇණි පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවති අතර, එම පාඨමාලාව සඳහා නිලධාරීන් 13 දෙනෙක් සහ සෙසුනිලයන් 426 දෙනෙකු සහභාගී වූහ.

සිතියම් කියවීම, ප්‍රතිත්‍රස්ත ක්‍රියාන්විත, අභ්‍යන්තර ආරක්‍ෂක පුහුණුව, නගරබද සටන්, ජීව වෙඩි තැබීම් සහ පිහිනුම් අංග පිළිබඳ දේශන හා ප්‍රායෝගික සැසි, කාලතුවක්කු හඳුන්වාදීම හා 14 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු පුහුණු පාසලෙහි ක්ෂේත්‍ර චාරිකාවන් වලින් මෙම පාඨමාලා විෂය මාලාව සමන්විත විය.

බලඇණි පුහුණු පාඨමාලාව සමාප්තියේ 10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලඇණියේ කණ්ඩායමක් විසින් ‘මුලතිව් සටන’ පිළිබඳ ඉදිරිපත් කිරීමක් ද සිදුකරනු ලැබීය.

පාඨමාලාවේ සමාප්ති දේශණය ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි විසින් සිදුකරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා 54 පාබල සේනාංකයෙහි සේනාංකාධිපති, 541 පාබල බලසේනාවෙහි බලසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.

පාඨමාලාවේ ත්‍යාග ප්‍රධානෝත්සවයේදී පහත නම් සඳහන් නිලධාරීන් සහ සෙසුනිලයන් වෙනුවෙන් සම්මාන සහ කුසලාන ප්‍රදානය කෙරිණි:

දක්‍ෂතම ශිෂ්‍යයා - කෝප්‍රල් වීරසිංහ එච්ඒඩීඩී

දක්‍ෂතම වෙඩික්කරු - ලාන්ස් කෝප්‍රල් රූපසිංහ ආර්ජීඑම්කේ

හොඳම ශාරීරික යෝග්‍යතාවයෙන් හෙබි සෙබළා - ලාන්ස් කෝප්‍රල් මදුසංක කේඩබ්ලිව්එල්

හොඳම කණ්ඩායම - ඒ කණ්ඩායම

දක්‍ෂතම කණ්ඩය - සී කණ්ඩායමේ දෙවන කණ්ඩය

දක්‍ෂතම අනුඛණ්ඩය - සී කණ්ඩායමේ 2 වන කණ්ඩයේ දෙවන අනුඛණ්ඩය