Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

02nd July 2024 19:25:41 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (වන්නි) ආඥාපති තුමන් අභිනවයෙන් වැඩ භාර ගැනීමෙන් පසු 59 පාබල සේනාංකයේ සිදු කරන ලද නිල සංචාරය

ආරක්ක්‍ෂක සේනා මුලස්ථාන (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් ජේපිසි පීරිස් ආර්ඩබිලිව්පි ආර්එස්පී එන්ඩිසී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් තම ධුරයෙහි රාජකාරි භාර ගැනීමෙන් පසුව 59 පාබල සේනාංකයේ සහ යටතේ ඇති පාබල බළසේනාවන්හි භඨ පිරිස් ඇමතීම සදහා 2024/07/01 වන දින 59 වන පාබල සේනාංකය සංචාරය කරන ලදි. මෙහිදී 59 වන පාබල සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්පීඑමී විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුලුව 591 හා 592 පාබල බල සේනාංකයන්හි බලසේනාධිපතිවරුන් 59 වන පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් සහ ඒකක අණදෙන නිලධාරින් විසින් ආඥාපතිතුමන් පිළිගැනීම සිදු කරන ලදි. 59 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේඑච්එන්පි හැන්නදිගේ ආර්ඩබිලිව්පි ආර්එස්පී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් පිළිගැනිමේ කථාව සිදු කීරිමෙන් පසු ආරක්ක්‍ෂක සේනා මුලස්ථානය (ව) ආඥාපතිතුමන් විසින් භඨ පිරිස් ඇමතීමෙන් අනතුරුව 59 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමා විසින් ආරක්ක්‍ෂක සේනා මුලස්ථාන (වන්නි) ආඥාපතිතුමන්ගේ පළමු නිල සංචාරය වෙනුවෙන් සමරු පලකයක් ප්‍රධානය කරන ලදි.

59 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්, කර්නල් ප්‍රධාන මාණඩලික නිලධාරි තුමන්සහකර්නල් පාලන/භකාස නිලධාරි තුමන් විසින් ආඥාපති තුමන් වෙත 59 වන සේනාංක බළප්‍රදේශය පිළිබද ඉදිරිපත් කීරීමක්සිදු කල අතර ඒ සදහා සියලුම බලසේනාධිපතිවරුන්, ඒකක අනදෙන නිළධාරින් සහ 59 වන සේනාංකයේ සියලුම මාණ්ඩලක නිළධාරින් සහභාගි විය.ඉන් පසු ආරක්ක්‍ෂක සේනා මුලස්ථාන වන්නි ආඥාපති තුමන් සමුහ ඡායාරූපයකට පෙනි සිට 591 පාබසේමු සහ 593 පාබසේමු සංචාරය කරන ලදි. මෙම සංචාරය සදහා ආරක්ෂක සේනා මුලස්ථාය වන්නි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි,කර්නල් පාලන/භකාස සහ කර්නල් ප්‍රධාන මාණ්ඩලික යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි විය.