Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

28th June 2024 18:18:44 Hours

දිළිඳු පවුල් සඳහා වියළි සලාක මළු බෙදාදීම

64 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්එස් දේවප්‍රිය යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධතාවයෙන්, විශ්‍රාමික බ්‍රීග්‍රේඩියර් ඒ එස් විජේවික්‍රම යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දියනියන් වන “ටිෆිකල් ශ්‍රි ලංකා” සංවිධානයේ සමාජීකාවන් වශයෙන් කටයුතු කරනු ලබන ටිරනි විජේවික්‍රම සහ නාව්‍යා විජේවික්‍රම මෙනවියත්, රාජ් ප්‍රභු මහතා සහ අසෙල් කරුණාරත්න මහතාගේ මුල්‍ය අනුග්‍රහාකත්වය මත ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ජීවත්වන තෝරාගත් අඩුආදායම් ලාභී දිළිඳු පවුල් 32 ක් සඳහා වියළි සලාක මළු බෙදාදීමේ වැඩසටහනක් 2024.06.23 වන දින 64 පාසේමු දේශණ ශාලාවේදී සිදුකරන ලදි. මෙයට සමගාමිව ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල් කිපයකට අයත් සිසු සිසුවියන් සඳහාද ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් පාසල් උපකරණ කටිටලය බැගින් ලබාදීම සිදුකරන ලදී.