Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

13th June 2024 19:40:42 Hours

56 පාබල සේනාංකය වව්නියාව ප්‍රදේශයේ දෘශ්‍යබාධිත අයවලුන් සඳහා අක්ෂි වෛද්‍ය සායන පැවැත්වීම සහ ඇස් කණ්නාඩි පරීක්ෂා කිරීම අඛණ්ඩව සිදුකරයි

56 වන පාබල සේනාංකය යටතේ ඇති 12 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් වව්නියාව ප්‍රදේශයේ ඇස් පෙනීමේ දුර්වලතා ඇති පුද්ගලයින්ට උපකාරකිරීමේ අරමුණින් අක්ෂි වෛද්‍යකඳවුරක් 2024 ජුනි 09 වන දින කාකියන්කුලම මුස්ලිම් මහා විද්‍යාලයේදී පවත්වන ලදී. අධියර දෙකක් යටතේ ත්‍යාගශීලී දායකත්වයෙන් යුතුව පුනුරුත්ථාපනය කිරීමේ සහ නැවත පදිංචි කරවීමට සහය වන්නන්ගේ සංගමයේ ලේකම් ආචාර්ය වේලායුධම් සර්වේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සිදුකරන ලදි. මෙම වැඩසටහනේ පළමු අධියර ලෙස දෘශ්‍යාබාධිත අයවලුන් 290 ක් සඳහා අක්ෂි සායනය සහ ඇස්කණ්ණාඩි ප්‍රදානයද, දෙවන අධියර ලෙස ඔවුන් අතරින් 52 දෙනෙකුගේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා ඉදිරිපත් කරන ලදී.

56 පාබල සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ 562 පාබල බසේමු බළසේනාධිපති බ්‍රිගේඩියර් ටී එම් එස් ජේ තෙන්නකෝන් ආර්එස්පී සහ 12 (සෙව්) විපාරෙ අණදෙන නිලධාරි මේජර් බීජීආර් ගම්ලත්ගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විපාරෙ යන ජ්‍යේෂ්ඨ නිලධාරින්ගේ සම්බන්ධීකරණයෙන් අදාල සායනය සංවිධානය කරන ලදි.

සේනාංකාධිපති 56 පාබල සේනාංකය, පුනුරුත්ථාපනය කිරීමේ සහ නැවත පදිංචි කරවීමට සහය වන්නන්ගේ සංගමයේ සාමාජික අයවලුන්, 56 පාබල සේනාංක කර්නල් සම්බන්ධීකරණ නිලධාරි, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන් සහ සෙසුනිලයින් මෙම අවස්ථාව සදහා සහභාගි විය.