Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

13th June 2024 19:37:54 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (වන්නි) මගින් කුරුදු වගා ව්‍යාපෘතියක් ආරම්භ කරයි

රටේ ආර්ථිකය සවිබල ගැන්වීම උදෙසා කෘIsකර්මාන්තය නගා සිටුවීමට යුධ හමුදාව දායක කරවීම වර්තමාන යුද්ධ හමුදාපතිතුමන්ගේ තවත් උදාර සංකල්පයකි. මෙම ක්‍රියාදාමය සවිබල ගැන්වීම පිනිස ආරක්ෂක සේනා (වන්නි) භටපිරිස් මෙහෙය වීමේ අරමුණින් ආරක්ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් පීඒ ඩී ඩබ්ලිව් නානායක්කාර ගේ උපදෙස් හා මගපෙන්වීම මත ආරක්ෂක සේනා මුලස්ථානය (වන්නි) බල ප්‍රදේශයේනන්දිමිත්‍ර ගම සළලිහිණිගම නාමල් ගම,බෝගස් වැව ආදී ගම්මාන කේන්ද්‍රකර ගනිමින් කුරුදු වගා ව්‍යපෘතියක් ආරම්භ කරන ලදි.

ඒ අනුව වන්නි ප්‍රදේශයේ සාර්ථකව වගා කල හැකි දැනට වගා කර සාර්ථක ප්‍රතිඵල ලබන කුරුදු වගාව තවදුරටත් ප්‍රචලිත කිරීම මගින් ප්‍රදේශයේ අඩුආදායම් ලාභි පවුල් වල ආර්ථිකය සවිමත් කිරීම මෙම ව්‍යපෘතියමගින් සිදුකරේ.මෙහිදී කුරුදු වගාව ස‍දහා ඉඩම් ලබාදීම,කුරුදු පැළ ලබාදීම, කුරුදු තැලීම හා ඒ ආශ්‍රිත නිශ්පාදන සදහා ගොවියන් පුරුදු කරවීම ආදිය යුද හමුදාව ඉදුරාම දායකත්වය සපයනු ලබයි.මෙම ව්‍යාපෘතියේ ආරම්භය සනිටුහන් කරමින් සැළලිහිණිගම ගම්මානයේ හා නාමල් ගම ගම්මානයේ ඉඩම්ලාභී ගොවීන් වෙත කුරුදු පැළ 8000 ක් බෙදාදීම ආරක්ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් පීඒ ඩී ඩබ්ලිව් නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් 2024 ජුනි මස 11 වන දින එම ගම්මාන කේද්‍රකරගනිමින් සිදු කරන ලදි.

මෙම අවස්ථාව සදහා 21 සහ 56 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්,ආරක්ෂක සේනා මුලස්ථානයන් (වන්නි) හිබ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික,211 සහ 563 පාබල බල සේනාධිපතිවරුන්, 11 වන ගැමුණු හේවා බළඅණිය සහ 9 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරිවරුන්, නිළධාරින්, සෙසු නිලයන් සහ ගම් වාසින් රැසක් සහභාගි වූහ.