Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

11th June 2024 10:40:02 Hours

මූලික පිහිනුම් සහ ජීවිතාරක්ෂක පාඨමාලා අංක. 20 සාර්ථකව අවසන් වේ

මූලික පිහිණුම් හා ජීවිතාරක්ෂක පාඨමාලාව අංක 20 හි විසිරයාමේ උත්සවය 2024.06.07 දින 21 පාසේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්එච්කේඑස්එස් හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක සේනා (වන්නි) පිහිණුම් තටාක පරිශ්‍රෙය්දී පවත්වන ලදී. මෙම විසිරයාමේ උත්සවය සදහා ජීවිතාරක්ෂක නිදර්ශණයක් සහ පාඨාමාලා සිසුන්ගේ පිහිණුම් සංදර්ශණයක්ද ඇතුලත් විය.

මෙම පාඨමාලාව සදහා ආසේමු (ව) බලප්‍රදේශයෙහි ස්ථාපිත ඒකකයන්හි රාජකාරි නියුතු පිරිමි සෙබලුන් 24 දෙනෙකු සහ එක් කාන්තා සෙබළියක් සහභාගී වන ලදී. පාඨමාලාවේ දක්ෂතම සෙබළාට හිමි කුසලානය 2 (සෙව්) විපාරෙ ඒකකයෙහි සෙ/එච්102268 පාසෙ කුමාර වේහැල්ල එස්ඩබ්ආර්සී විසින් දිනාගන්නා ලදී.