Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

31st May 2024 20:39:12 Hours

213 පාබල බලසේනා මුලස්ථානය හා ප්‍රාදේශිය යුධෝපකරණ ගබඩා සංකීර්ණයේ භඨ පිරිස් විසින් වෙසක් උත්සවය වෙනුවෙන් දන්සලක් සංවිධානය කිරිම

2024 මැයි මස 23 වන දිනට යෙදි තිබු වෙසක් උත්සවය නිමිත්තෙන් 213 පාබල බසේමු බළසේනාධිපති කර්නල් පිඑම් ද සිල්වා ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්විම මත 213 පාබල බළසේනා මුලස්ථානයේ හා ප්‍රාදේශිය යුධෝපකරණ ගබඩාවේ සෙනින් විසින් සංවිධානය කරන ලද කුරක්කන් කැද සහ රොටි දන්සලක් 2024.05.23 වන දින උදැසන 1000 පැයට හා 1700 පැයට 213 බළසේනා මුලස්ථාන කදවුර ඉදිරිපිට පවත්වනු ලැබු අතර ඒ සදහා 213 පාබල බසේමු බළසේනාධිපති කර්නල් පිඑම් ද සිල්වා ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි, නිළධාරින් හා සෙසුනිළයින් සහභාගි වන ලදි.