Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

27th May 2024 13:55:27 Hours

541 පාබල බලසේනාව විසින් දෙවන වරටත් මන්නාරම - කල්ලියඩි ප්‍රදේශයේ දිළිඳු දමිල ජනතාව සදහා බත් දන්සලක් වෙසක් පොහොය නිමිති කොටගෙන 2024 වෙසක් මස 24 වන දින පවත්වන ලදී

541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බීවයිසී ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ, වෙසක් පොහොය නිමිති කොටගෙන නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ ද්‍රව්‍යමය හා ශ්‍රම දායකත්වයෙන් කරනු ලබන බත් දන්සල දෙවන වරටත් කල්ලිඅඩි ඒ 32 මාර්ගය අසලදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගිත්වයෙන් එදින දවස පුරා ඉතා සාර්ථකව පවත්වන ලදී. මේ සදහා දමිල වැසියන් 1500 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වූ අතර, මෙවන් කටයුත්තක් සංවිධානය කිරීම පිලිබඳ ඔවුන් සියළු දෙනා යුද්ධ හමුදාව වෙත සිය ප්‍රසංශාව පුද කරන ලදී.