Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

04th May 2024 15:55:57 Hours

56 පාබල සේනාංක මූලස්ථාන භට පිරිස් හි මූලිකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

මනුසත් ජීවිතයක් බේරාගැනීමේ තේමාව පෙරදැරි කර ගනිමින් ත්‍යාගශීලි භාවයෙන් යුතුව 56 පාබල සේනාංකය සහ යටතේ පාලනය වන පාබසේමු සහ ඒකක මගින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ කදවුරක් 2024 මැයි මස 02 වන දින 56 පාබල සේනාංක මූලස්ථාන ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පවත්වනු ලැබූ අතර ඒ සදහා යුද්ධ හමුදා නිලධාරීන් හා සෙසුනිලයින් ඇතුළු 154 දෙනෙකුට අධික පිරිසක් සහභාගි වන ලදි.

56 පාබල සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩිසී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උදාර සංකල්පයකට අනුව වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය සමග සහ සම්බන්ධතාවයෙන් යුතුව මෙම වැඩසටහන පවත්වන ලදි.