Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

02nd May 2024 12:24:58 Hours

කනගරායන්කුලම් ප්‍රදේශයේ දෘශ්‍යාබාධිත අයවලුන් සදහා අක්ෂි වෛද්‍ය සායනයක් සංවිධානය කිරීම

සුභදත්වය සහ ත්‍යාගශිලිත්වය ඉදිරියට ගෙනයමින් 56 පාබල සේනාංක භඨ පිරිස් සහ පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරිමට සහයවිමේ සංගමය විසින් අක්ෂි සායනයක් 2024 අප්‍රේල් මස 28 වන දින කනගරායම්කුලම් ප්‍රදේශයේදී සිදු කරන ලද අතර මේ සදහා අරමුදල් පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරිමට සහයවිමේ සංගමයේ ලේකම් වෛද්‍ය වේලායුදම් සර්වේෂ්වරන් මහතාගේ අනුග්‍රහයෙන් සිදු කරන ලදී. මෙම අක්ෂි සායනය මගින් දෘෂ්‍යබාධීත අයවලුන් 303 ක් සහභාගි වු අතර ඔවුන් සදහා ඇස් කන්නාඩි ලබා දිම සහ ඉදිරි ශල්‍යකර්ම සදහා හදුනා ගන්නා ලදි. මෙම අක්ෂි සායනය 56 පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් පරිදි 561 බලසේනාවට අයත් 16 ශ්‍රිලංසිරෙ විසින් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාව සදහා 56 පාබල සේනාංක නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩ්‍රියර් ඩබ්ලිව්එස්වි ප්‍රනාන්දු යුඑස්පි එන්ඩිසි අයිජි, 561 බලසේනාධිපති (වැඩ බලන), ජ්‍යෙෂ්ඨ නිළධාරින්, යාපනය ශික්ෂණ රෝහලේ අක්ෂි වෛද්‍ය විදුෂන් මහතා, අනන්ති අක්ෂි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය සහභාගි විය.