Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

25th April 2024 18:49:31 Hours

56 සේනාංකය වව්නියාව වැසියන් සඳහා සිංහල අලුත් අවුරුදු උත්සවයක් පවත්වයි

ශ්‍රිලංකා යුද්ධ හමුදාපතිතුමන්ගේ නව අවුරුදු තේමාව වන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද තනි තනිව නොව එක්ව සමරමු සහ අඥාපති ආරක්ෂක සේනා මුලස්ථානය වන්නි අධීක්ෂණයට අනුව 56 පාබල සේනාංකය විසින් සාම්ප්‍රදායික අලුත් අවුරුදු උත්සවයක් 2024 අප්‍රේල් මස 20 වන දින විශාල ජනතාවගේ සහභාගීත්වයෙන් වව්නියාව මහජන ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.

වව්නියාව දිස්ත්‍රික් ලේකම් පී ඒ සරච්චන්ද්‍ර මහතා මෙම අවස්ථාව සඳහා සහභාගී විය. පාපැදි තඟර ගැහැණු සහ පිරිමි, මැරතන් තරඟ, අවුරුදු කුමාරා සහ කුමරිය තේරීම, කඔ ඇඳීම, කොට්ටා පොරය, කෝලම් රටා ඇදීම, අලියාට ඇස තැබීම, බනිස් කෑම, පොල් අතු විවීම, පොල් ගෑම, සංගීත පුටු තරඟය, බැලුම් පිපිරවීම, හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන යාම සහ සාම්ප්‍රදායිකමෙන්ම සෞන්දර්යාත්මක ක්‍රීඩා රැසකින් අලුත් අවුරුදු උත්සවය වර්ණවත් විය.

එදින සන්ධ්‍යාවේදී අග්නි සංගීත කණ්ඩායම සහ ගායික ගායිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් සංගීත ප්‍රසංගයක් පවත්වන ලදී. මෙම උත්සවය අංගයන් සැලසුම් කිරිම සහ ක්‍රියාත්මක කිරිම ආඥාපති ආරක්ෂක සේනා මුලස්ථානය වන්නි මේජර් ජෙනරාල් ඩබ්ලිව් පි ඒ ඩි ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩියු සහ 56 පාබල සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්විම යටතේ සිදු කරන ලදී. මෙම උත්සව අවස්ථාවන් සඳහා වව්නියාව දිස්ත්‍රික් ලේකම් තුමා ඇතුලු උසස් රාජ්‍ය නිළධාරින්, 64 සහ 54 පාබල සේනාංකාධිපතිවරුන්, වව්නියාව භාර නියෝජ්‍ය පොලිස්පති, 56 පාබල සේනාංකායේ නියෝජ්‍ය සේනාංකාධිපති, වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිළධාරින්, 562 සහ 563 බළසේනාපතිවරුන්, 56 පාබල සේනාංකායේ ජ්‍යෙෂ්ඨ නිළධාරින්, අණදෙන නිලධාරීවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, රාජ්‍ය නිළධාරින් සහ අනුග්‍රාහක ආයතන නියෝජිතයන් සහභාගී විය.