Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

24th March 2024 17:54:27 Hours

ජලබිතිකාව තුරන් කිරීම සදහා 54 පාබල සේනාංක භටපිරිස් හි සහය

54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේඑම්පිඑස්බි කුලතුංග ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ සංකල්පයකට අනුව මෙම පාබල සේමු බළප්‍රෙද්ශය තුලින් ජලබිතිකා රෝගය තුරන් කිරිමේ අරමුණින් යුතුව වෛද්‍ය චමිත් නානයක්කාර ඇතුලු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් 2024 මාර්තු මස 12,13 සහ 14 යන දිනයන්හිදි සුනඛයින් සහ සුරතල් සතුන් 253 දෙනකු සදහා ජලබිතිකා එන්නත් කිරිමේ වැඩසටහන් මාලාවක් 543 පාබල බළසේනා මුලස්ථානය, 11 වන ශ්‍රිලංකා කාලතුවක්කු හමුදාව සහ 4 වන විජයබාහු පාබල රෙජිමේන්තු කදවුරු පරිශ්‍රයන්හිදි සිදුකරන ලදි.