Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

11th January 2024 20:24:40 Hours

ආයෝග්‍ය කරන ලද වාහන හා උපකරණ යලි භාවිතයට

ආරක්‍ෂක සේනා මූලස්ථාන (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් පි ඒ ඩී නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත යුද හමුදාව මගින් ආයෝග්‍ය කර භාවිතයෙන් ඉවත්කර ඇති වාහන හා යුධෝපකරණ නැවත භාවිතයට සුදුසු පරිදී ප්‍රථිනිර්මානය කිරීමේ ව්‍යාපෘතියක් ආරමිභකර ඇත.

ඉදිරි නඩත්තු පෙදෙස (උතුරුමැද) කාර්යය නියුතු ආඥාපති කර්නල් එච්ඩීඑන් හෙට්ටිගේ ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සදහා 5 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික රෙජිමේන්තුව, 2 වන ශ්‍රී ලංකා යුධෝපකරණ බලකාය හා 2 වන ඉන්ජිනේරු සේවා රෙජිමේන්තුව

ආරක්ෂක සේනා (වන්නි) බලප්‍ර දේශයේ පාබල සේනාංක මූලස්ථාන, පාබල බලසේනා මූලස්ථාන හා සියළුම ඒකක මගින් භාවිතා කිරීමෙන් අනතුරුව තවදුරටත් භාවිතයට ගත නොහැකි ලෙස වර්ග කර ආයෝග්‍ය කරන ලද පාපැදි, ධාවන පැදි, ට්‍රැක්ටර්, සැහැල්ලු වාහන, ගිලන්රථ, බර වාහන, LED බල්බ, ගෑස් ලිප්, බැලැස්ටික් හෙල්මට් හා කාර්යාල මේස හා පුටු මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රතිනිර්මාණය කරනු ලබයි.

මෙහි අධියර 1 යටතේ 5 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි මේජර් කේපිසි ප්‍රනාන්දු පිඑස්සී එල්එස්සී යටතේ පාපැදි 20, ට්‍රැක්ටර්, සැහැල්ලු වාහන ගිලන්රථ හා බරවාහන 20, LED විදුලි බුබුළු 440ක් ද 2 වන ශ්‍රී ලංකා යුධෝපකරණ බලකාය මගින් ලෑස් ලිප් 25 ක් හා බැලැස්ටික් හෙල්මට් 1000 ට අධික ප්‍රමානයක් ද 2 වන ඉන්ජිනෙරු සේවා රෙජිමේන්තුව මගින් කාර්යාල පුටු 50 කට අධික ප්‍රමානයක්ස ප්‍රතිනිර්මානය කරන ලද අතර මෙම වාහන හා අනෙකුත් උපකරණ, ඒවා අයත්ව තිබූ මූලස්ථාන හා ඒකකයන් වෙත භාරදීම ආරක්‍ෂක සේනා (වන්නි) ආඥාපති ඩබ්ලිව් පි ඒ ඩී නානායක්කාර අතින් 2024 ජනවාරි මස 05 දින 5 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍ර යේදී සිදු කරන ලදී.

මීට අමතරව 5 වන ශ්‍රී ලංකා විදුලි හා යන්ත්‍රික රෙජිමේන්තුව මගින්,ඉවත් කරන ලද බැරල් හා ආයේග්‍ය කරන ලද වායුසමීකරණ යන්ත්‍රවල ගෑස් ටැංකි උපයෝගී කර ගනිමින් පොල් කටු අගුරු ලිපක් නිර්මාණය කර ඇත. ඉදිරියෙදී මෙම පොල් කටු අගුරු ලිප් අවශ්‍යතාවය අනුව කදවුරු ආශ්‍රිත මුළුතැන් ගෙවල්වල ප්‍රයෝජනය සදහා ලබාදීමට නියමිතය.