19th November 2023 08:18:23 Hours
ධූරයෙන් නික්ම යන සේනාංකාධිපති මේජර් ජෙනරල් ජීඩබ්ලිව්ඒ සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2023 නොවැම්බර් 15 වන බදාදා දින 54 පාබල සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.
54 පාබල සේනාංක මූලස්ථාන ප්‍රධාන දොරටුව වෙත සපැමිණි සේනාංකාධිපති වෙත හමුදා සම්ප්රධායානුකුල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව දිනයේ පළමු අංගය ලෙස සේනාංක මූලස්ථානයේ පිහිටි ස්මාරකය වෙත පැමිණ මියගිය රණවිරුවන් සිහිකිරීම සඳහා උපහාර දැක්වීය. අනතුරුව කාලතුවක්කු හමුදා භට පිරිස් විසින් සම්මාන මුරයක් පිරිනමන ලදී.
ඉන් අනතුරුව, ධුරයේ රාජකාරි කටයුතු භාරදීම සනිටුහන් කරමින් එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබු අතර කාරයාල පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ ඡායාරූප කිහිපයකට එක් වූ මේජර් ජෙනරල් ජීඩබ්ලිව්ඒ සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී භටපිරිස් ආමන්ත්‍රණය කරමින් ධූර කාලය තුළ එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් ස්තූතිය පුදකළ අතර එතුමන් වෙත විශේෂ සමරු තිළිණ ප්රධානයක්ද සිදුකරන ලදී. අනතුරුව පැවති තේ පැන් සංග්‍රහය අතරතුර 54 පාබල සේනාංක මූලස්ථානයේ හා ඒ යටතේ ස්ථාපිත බළසේනා මුලස්ථාන හා ඒකකයන් හි භටපිරිස් සමඟින් සුහද අදහස් හුවමාරුවක ද නිරත වූවේය.
උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් 54 පාබල සේනාංක මූලස්ථාන නිලධාරි නිවස්නයේදී සුහද හමුවක්ද පැවැත්වීය. මෙම උත්සව අවස්ථාව සඳහා 54 පාබල සේනාංක මූලස්ථානය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, ජ්‍යේෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහභාගී වූහ.