Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

05th October 2023 19:18:20 Hours

56 සේනාංක මුලස්ථානයේ නිලධාරි ඉදිරිපත් කිරිම්හි තවත් එක් පියවරක්

56 පාබල සේනාංක මූලස්ථානය බළප්‍රෙද්ශයේ නිලධාරීන් සතු සන්නිවේදන කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නිලධාරි ඉදිරිපත් කිරිම් 56 සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්ජිපිඑම් කාරියවසම් ආර්එස්පී එන්ඩීසි පිඑස්සි අයිජි ගේ මඟපෙන්වීම මත සිදු කරන ලදි.

561 පාබල බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති කේඑම්ජි බණ්ඩාරනායක යුඑස්පි පිඑස්සි පුර්ණ අධික්ෂණය යටතේ 561 පාබල බසේමු හා යටතේ ඇති ඒකකයන් වෙතින් අදාල වැඩසටහන සිදු කරන ලදි. 10 ශ්‍රිලපාහ දෙවන අණදෙන නිලධාරිගේ නායකත්වය මත එම ඒකකයේ නිලධාරින් හා 561 පාබල බසේමු නිලධාරි විසින්—Sustainable Future of Sri Lanka and whether , Will it be Possible Against the Dominance of Geo Politics, Geo Strategy and Geo Economy in India˜යන මැයෙන් සැප්තැම්බර් මස 27 දින 10 ශ්‍රිලපාහ මුලස්ථානය- පාලිනගර් හිදීඉදිරිපත් කිරීම සිදුකරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා 56 සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්ජිපිඑම් කාරියවසම් ආර්එස්පී එන්ඩීසි පිඑස්සි අයිජි, 562 පාබල බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති ටිඑම්එස්ජේ තෙන්නකොන් ආර්එස්පි, 561 පාබල බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති කේඑම්ජී බණ්ඩාරනායක යුඑස්පි පීඑස්සිසහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරින් සහභාගී වූහ.

වැඩසටහන සමාප්තියේ පැවති ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහන තුලින් සහභාගී වූවන් සතුව පැවති ගැටළු නිරාකරණය කරගැනීමට ද අවස්ථාව හිමිවිය.ඉදිරිපත් කිරීම සමාප්තියේදී, 56 සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති විසින් මාතෘකාව සබැදිව ඔහුගේ වටිනා අදහස් ඉදිරිපත් කල අතර ඉදිරිපත් කිරීම සිදුකළ නිලධාරින් ඇගයීමට ලක්කළේය.