Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

27th July 2023 16:33:06 Hours

මේජර් ජෙනරල් IANB පෙරේරා RWP USP ndupsc 21 පාබල සේනාංකයේ 37 වන සේනාංකාධිපති ලෙස රාජකාරි භාර ගන්නා ලදී

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන පාබල සේනාංකයේ 37 වන සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් IANB පෙරේරා RWP USP ndu psc, ආගමික ආශිර්වාද මධ්‍යයේවැඩ භාරගන්නා ලදී.

21 වන පාබල සේනාංකයේ අභිනවයෙන් පත් වූ සේනාංකාධිපති,බලසේනාධිපතිවරුන්, 21 වන පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, භටපිරිස් විසින් පිරිනමන ලද සම්මාන මුරයකින් හා ගෞරවනීය ආචාර පෙළපාලියකින්ද ඔහුට ආචාර කරන ලදි.

නව සේනාංකාධිපතිතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සුබ මොහොතින් රාජකාරි භාර ගන්නා ලද අවස්ථාවේදී උත්සවය සනිටුහන් කිරීම සඳහා සමූහ ඡායාරූපයක් ගන්නා ලදී. ඉන්පසු නෙල්ලි පැළයක් සිටුවීමෙන් අනතුරුව භට පිරිස් අමතා සේනාංකය සඳහා ඉදිරි දැක්ම පිළිබඳව සිය දැක්ම ප්‍රකාශ කළේය.

මෙම වැඩසටහනසේනාංක මුලස්ථාන පරිශ්‍රය ඉදිරිපිටදී පවත්වන ලද සියළු නිල තේ පැන් සංග්‍රහයකින් පසු අවසන් කරන ලදී.එදින උත්සවය සඳහා බලසේනාධිපතිවරුන්, 21 වන පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.