Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

21st June 2023 17:39:13 Hours

65 පාබල සේනාංකයේ සේනාංකාධිපති සිය රාජකාරිවලින් ඉවත් වේ

65 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් E A D P එදිරිසිංහ psc 2023 ජූනි 13 දින සිය ධූරයෙන් සමුගන්නා ලද අතර, තම ධුරයෙන් සමුගැනීමට ප්‍රථම සේනාංකාධිපති තුමන් 651, 652, 653 බලසේනා මූලස්ථානයන්හි සහ 10 ශ්‍රීලපාහ, 4 ගරෙ, 17 (සෙව්) ශ්‍රීලපාහ යන ඒකකයන්හි නිල සංචාරයන් සිදුකර සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් ඇමතීමට කටයුතු සිදුකරන ලදී.

යුධ හමුදා සම්ප්‍රධායන්ට අනුකූලව, 2023 ජුනි 13 වන දින සේනාංක මූලස්ථානයේදී පිළිවෙළින් කදවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙලපාලියක් පිරිනමන ලද අතර, අනතුරුව සේනාංකයේ භට පිරිස් අමතා සේනාංකාධිපති ධුරයෙන් සමුගන්නා ලදී.

තවද, 65 වන පාබල සේනාංකයේ සියලුම බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, සේනාංක කාර්ය මණ්ඩලය සහ සේනාංකය යටතේ රාජකාරී කරනු ලබන භඨපිරිස් මෙම අවස්ථාවට සහභාගී වන ලදී.