Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

24th May 2023 18:21:15 Hours

මඩු අධ්‍යාපන කොඨිඨාසයේ වාර්ශික ක්‍රීඩා තරගාවලිය සදහා දායකත්වය ලබාදීම

වාර්ෂික අන්තර් පාසල් කොඨිඨාස ක්‍රීඩා උළෙල ඉතාමත් තරගකාරී ක්‍රීඩා උළෙලක් වන අතර මෙවර මෙම ක්‍රීඩා උත්සවය මඩු අධ්‍යාපන කොඨිඨාසය සහ 653 පාබල බසේමු සමග සම්බන්ධතාවයෙන් 2023.05.23 තචිචනාමරදමඩු විදුහල් භුමියේ සංවිධානය කර උත්කර්ශවත්ව පවත්වන ලදී.

මෙම උත්කර්ෂවත් අන්තර් පාසල් ක්‍රීඩා තරගාවලිය සදහා මඩු අධ්‍යාපන කොඨිඨාසයේ පාසල් 19 ක පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 456 කට වඩා වැඩි සංඛ්යාවක් සහභාගිවිය. එහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස 653 පාබල බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඩිඑන්සී සේරසිංහ ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ අධ්‍යාපන කොඨිඨාස අධ්‍යක්‍ෂක සහභාගී විය. එමෙන්ම පාසල් වල ගුරුවරු මෙන්ම දෙමවිපියන් ද සහභාගීවිය.