Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

24th May 2023 00:15:47 Hours

54 පාබල සේනාංකය 'වෙසක්' කලාපය

54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිවි ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි සහ මන්නාරම දිස්ත්‍රික් ලේකම් ඒ. ස්ටැන්ලි ද මෙල් මහත්මිය 54 වන පාබල සේනාංකයේ වෙසක් කලාප සමාරම්භක උත්සවය සදහා සහභාගී විය. බළසේනාධිපති වරුන් ඒකක අණදෙන නිළධාරි හා 54 පාබල සේනාංකයේ නිළධාරින් හා සෙසුනිළයින් මේ අවස්ථාව සදහා සහභාගී විය.

සේනාංකාධිපති තුමන් හට සහ මන්නාරම දිස්ත්‍රික් ලේකම්තුමිය වෙත වෙසක් කලාපයේ විදුලි පහන් ආලෝකමත් කිරිමට ආරාධනා කල අතර, විදුලි පහන් දැල්විමෙන් අනතුරුව සේනාංකය යටතේ පාලනය වන බලසේනා සහ බලඇණි මගින් නිර්මාණය කරන ලද නිර්මාණාත්මක වෙසක් කූඩු සහ සැරසිලි කුටි නැරඹීමට කටයුතු කරන ලදි. තවද වඩාත් වර්ණවත් සහ අර්ථවත් වෙසක් කූඩු සහ සැරසිලි සඳහා වටිනා ත්‍යාග ලබාදෙන ලදී.

තවද, මන්නාරම දිස්ත්‍රික් ලේකම් තුමියගේ ඉල්ලීමකට අනුව වෙසක් කලාප ප්‍රදර්ශනය රජයේ නිලධාරීන්ට පාසල් දරුවන්ට සහ ප්‍රදේශයේ ජනතාවට දැකබලා ගැනිම සදහා මැයි 09 වන දින දක්වා දීර්ඝ කරන ලදී.

එමෙන්ම සේනාංකය යටතේ පාලනය වන 541 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් වරුණ ගමගේ ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම මත 541 වන පාබල බලසේනාව විසින් මැයි 5 වන වෙසක් පොහොය දින කල්ලීඅඩි ප්‍රදේශයේදී බත් දන්සලක් සංවිධානය කරන ලදී. එම බත් දන්සැල සදහා ප්‍රදේශයේ 800ක පමණ පිරිසක් පැමිණ සිටි අතර අදාල වැඩසටහන සංවිධානය කිරීම සම්බන්ධයෙන් ජනතාව හමුදාව වෙත සිය කෘතඥතාව පළ කලේය.

වෙසක් පොහොය දිනට සමගාමිව 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් 2023 මැයි 01 වන දින ලේ දන්දීමේ ව්‍යාපාරයක් සංවිධානය කරන ලදී. නිලධාරීන් සහ සෙසු නිලයින් 150 කට ආසන්න සංඛ්‍යාවක් රටේ අසරණ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා සිය රුධිරය පරිත්‍යාග කළහ.