Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

23rd May 2023 23:10:51 Hours

30 වසරක යුද්ධය නිමා කිරිම වෙනුවෙන් මියගිය රණවිරුවන් සිහිකිරිම සහ පිංපැමිණවීම

අප මාතෘ භුමියේ 30 වසරක යුද්ධය නිමා කිරිම වෙනුවෙන් මන්නාරම ප්‍රදේශයේදී රාජකාරි කර මියගිය රණවිරුවන් සිහිකිරිම සදහා 54 පාබල සේනාංක මුලස්ථාන රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමක් 2023.05.18 දින 1750 පැයට සිදුකරන ලදී. ඒ සදහා 54 සේනාංකයේ සේනාංකාධිපති වන ඩබ්ලිවිඩබ්ලිව්එච්ආර් ආර් වීඑම්එන්ඩිකේබි නියංගොඩ ආර් ඩබ්ලිව්පි ආර් එස්පි විඑස්වි යුඑස්පි එන්ඩියු පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිළධාරින් සහ සෙසුනිළයින් සහභාගී විය.

ඊට සමගාමිව මාතොට පුරාණ විහාරයේ විහාරාධිපති ඇටඹගහවැවේ සංඝරක්ඛිත ස්වාමින් වහන්සේ වැඩමවා බෝධිපුජා පිංකමක් සංවිධානය කරන ලදි. තවද මියගිය රණවිරුවන් සිහිකර පිං අනුමෝදනා සිදුකල අතර තුවාල ලැබු හා රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට මෙන්ම දැනට රාජකාරි කරනු ලබන සියළුම නිළධාරින්, සෙසුනිළයින් හා සිවිල් සේවක මහතුන් වෙත සෙත්පතා ආශිර් වාදාත්මක සෙත් පිරිත් දේශණාවක්ද සිදුකරන ලදී.