Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

23rd May 2023 21:26:33 Hours

ප්‍රජාසත්කාරක වැඩසටහනක් සිදුකිරිම

54වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිවන ඩබ්ලිවිඩබ්ලිව්එච්ආර්ආර්විඑම්එන්ඩිකේබි නියංගොඩ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩියු පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරි ගේ සංකල්පයකට අනුව මන්නාරම ගරු දිසාපතිතුමිය හා නගරධිපතිගේ සහය ඇතිව බලප්‍රදේශයේ ත්‍රිවිධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම පාබල සේනාංක බලප්‍රදේශය තුල පිරිසිදු කිරීමේ වැඩ සටහනක් 2023 මැයි මස 18 දින උදෑසන 0600 සිට දහවල් 1200 දක්වා සිදුකරන ලදී.

මෙහිදී මුහුදු තීරය අවට, නගරබද හා සංචාරකයන් විසින් ඉවතලන කුණු කසල මගින් අපවිත්‍ර වූ සියළු ස්ථාන පිරිසිදු කරන ලද අතර මෙම වැඩසටහන සඳහා 54 සේනාංකයට අයත් සියළු බලසේනා, ඒකක, නාවික හා ගුවන් භට පිරිස් වල සහය මෙන්ම අදාල ප්‍රදේශයන්හි සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් ඉතාමත් උද්යෝගයෙන් යුතුව ස්වකැමැත්තෙන් සහභාගී වන ලදී.

මෙම ප්‍රජාසත්කාර වැඩසටහනේදී එකතු කරන ලද ප්ලාස්ටික් සහ වීදුරු බොතල් වැනි අප ද්‍රව්‍ය ට්‍රැක්ටර් ටේලර් 20 ක් පමණ ප්‍රතිචක්රීකරණය සඳහා 542 පාබල බලසේනා මූලස්ථානය වෙත බාරදෙන ලදී.

එසේම මෙම වැඩසටහන ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්ගේ හා සිවිල් ජනතාවගේ පැසසුමට ලක්වු අතර මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන යුධ හමුදාවේ කීර්තිනාමය තවදුරටත් ඔප්නැංවීමට හේතුසාධක විය.