Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

19th May 2023 20:08:51 Hours

මරවන්කුලම් ග්‍රාමයේ ගම්වැසියන් සදහා ස්වයං රැකියා අවස්ථාවක් සබැදිව වැඩමුලුවක් පැවැත්වීම

562 පාබල බළසේනා මුලස්ථානය සහ 15 (සෙව්) ශ්‍රීලංසිරෙ බළඇණිය විසින් මරවන්කුලම් වැඩිහිටි සමිතියේ සභාපති තුමන් සිදුකල ඉල්ලීමකට අනුව එම ගම්මානයේ අඩු ආදායම්ලාභී පවුල් උදෙසා ස්වයං රැකියා අවස්ථාවන් සබැදිව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.05.10 වන දින මරවන්කුලම් රජයේ පාසලේදි පැවැත්වීමට කටයුතු කරන ලදී. මෙම වැඩසටහනේදි පහත සදහන් ස්වයං රැකියා අවස්ථාවන් සබැදිව “ හිමන්සා පදනමේ” සභාපති තුෂාරි මුතුමාලි මහත්මිය විසින් දැනුවත් කිරීම සිදුකරන ලදී.

අ. ඉටිපන්දම් නිෂ්පාදනය

ආ. රෙදි පාපිසි නිෂ්පාදනය

ඇ. පහන් තිර නිෂ්පාදනය

ඈ. හදුන්කූරු නිෂ්පාදනය

ඉ. ඉටිපහන් නිෂ්පාදනය

උක්ත නිෂ්පාදන වලට අමතරව 15 (සෙව්) ශ්‍රීලංසිරෙ භඨපිරිස් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සබැදිව ගම්වාසීන් දැනුවත් කරන ලදී.

මෙම වැඩසටහනෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් 562 පාබල බළසේනා මූලස්ථානයේ බළසේනාධීපති බ්‍රිගේඩියර් ජේඑම්ඒ ජයසේකර ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි, 562 පාබල බළසේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 15 (සෙව්) ශ්‍රීලංසිරෙ ඒකක අණදෙන නිලධාරි සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ප්‍රාදේශීය සංවර්ධන නිලධාරි, ග්‍රාම සමිතියේ නිලධාරීන් සහ ගම්වාසීන් මෙම අවස්ථාවට සහභාගි වන ලදී.