Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

19th May 2023 12:50:55 Hours

යාපනය සිට කතරගම දක්වා පාද යාත්‍රාවේ යෙදී සිටින බැතිමතුන්ට උපස්ථාන සිදු කිරිම

උතුරු අර්ධද්විපයේ හින්දු බැතිමතුන් ස්කන්ධ දෙවියන් වන්දනාමාන කිරීම සඳහා කතරගම වෙත සිදුකරන වාර්ෂික පා ගමන යාපනය තොන්ඩමනාරු ප්‍රදේශයෙන් ආරමිභ කර 2023.05.16 වන දින 62 පාබල සේනාංක බලප්‍රෙද්ශයට ලගාවිය.

62 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජානක රණසිංහ ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මග පෙන්විම යටතේ 622 පාබල බළසේනාවේ බළසේනාධිපති කර්නල් උදය කොලොන්ගහපිටිය ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධිකෂණය යටතේ 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තු‍වේ නිළධාරි හා සෙසුනිලයින් විසින් බැතිමතුන් සදහා උපස්ථානයන් සිදුකරන ලදි.

මෙහිදි පාද යාත්‍රාව සදහා සහභාගිවි සිටින බැතිමතුන් වෙත පිසු ආහාර, පානිය ජලය, විවේක ගැනිම සදහා තවකාලික නවාතැන් පහසුකම්, වෛද්‍ය ප්‍රතිකාර සහ අවශ්‍ය ඖෂධ ලබාදිම සිදුකරන ලදි, මෙම සත්කාරය සදහා 62 පාබල සේනාංකයේ කර්නල් පාලන භකාස කර්නල් කපිල දික්කුඹුර 62 සේනාංකයේ වෛද්‍ය නිළධාරි කපිතන් දුලාන් ගුණවර්ධන සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමගින් 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිළධාරි ඇතුලු නිළධාරින් හා සෙසුනිලයින් විසින් මෙම කටයුත්ත සංවිධානය කරන ලදි.