Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

14th May 2023 09:53:16 Hours

අඩු ආදයම් ලාභී පවුල්වල ජිවත්වන ළමුන් 40 දෙනෙකු වෙනුවෙන් පාවහන් බෙදා දීම

56 පාබළ සේනාංක බලප්‍රදේශයේ පිහිටි 562 පාබල බළසේනා මූලස්ථානය යටතේ පාලනය වන 15 (සෙව්) ශ්‍රීලංසිරෙ ඒකකයට අයත් බලප්‍රදේයේ පිහිටි මන්/සින්නවලයන්කඩ්ඩු විද්‍යාලයේ විදුහල්පති තුමන් වන සෙල්වරාජා පද්මනාදන් විසින් 15 (සෙව්) ශ්‍රීලංසිරෙ ඒකක අණදෙන නිලධාරි ඒඑම්ඩිඑස් තිලකරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙත කරන ලද ඉල්ලීමට අනුව කුරුණෑගල ප්‍රදේශයේ ධානපතියකු වන ආර්එම් පතිරාජ මැතිතුමන්ගේ ධන පරිත්‍යාගයෙන් මන්/සින්නවලයන්කඩ්ඩු විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභි පවුල් වලට අයත් ළමන් 40 ක් වෙත පාසල් පාවහන් යුවල් 40 ක ප්‍රමාණයක් 562 පාබල බසේමු බළසේනාධීපති බ්‍රිගේඩියර් ජේඑම්ඒ ජයසේකර ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර් ණ අධීක්ෂණය යටතේ 56 පාබල සේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ජිපිඑම් කාරියවසම් ආර්එස්පී එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2023 මැයි මස 09 වන දින සිසු දැරියන් හට බෙදා දෙන ලදී.

මෙම පාවහන් බෙදා දීමේ උත්සවයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 56 පාබල සේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ජිපිඑම් කාරියවසම් ආර්එස්පී එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගි වු අතර, 562 පාබල බසේමු බළසේනාධීපති බ්‍රිගේඩියර් ජේඑම්ඒ ජයසේකර ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා 56 පාබල සේනාංකයේ කර්නල් මාණ්ඩලික ප්‍රධාන ආර්එස්සී දිසානායක ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි, ජ්‍යෙෂ්ඨ නිලධාරි, නිලධාරීන් හා සෙසුනිලයින්ද මන්/සින්නවලයන්කඩ්ඩු විද්‍යාලයෙහි ගුරුභවතුන් හා දරුදැරියන් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.