Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

08th May 2023 15:52:02 Hours

62 පාබල සේනාංකයේ වෙසක් සැමරුම්

වෙසක් පොහොය දිනට සමගාමීව, 62 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජනක රණසිංහ ජ්‍යෙෂඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ 62 වන පාබල සේනාංකයේ භඨ පිරිස් විසින් 2023 මැයි 05 වන දින සේනාංක මූලස්ථානය ඉදිරිපිට වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක් පවත්වන ලදි. තවද, එදිනම සේනාංක මූලස්ථානය ඉදිරිපිට රොටි සහ කොත්තමල්ලි දන්සලක් සංවිධානය කර ඇති අතර. 62 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් එම පහන්කුඩු ප්‍රදර්ශණය හා දන්සල විවෘත කරලදි. සේනාංකයේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් එම අවස්ථාවට සහභාගී විය. එමෙන්ම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.