Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

08th May 2023 15:35:57 Hours

කාවන්තිස්සපුර රජමහා විහාරයේ දී ළමුන් සඳහා පාසැල් උපකරණ බෙදාදීම හා වෛද්‍ය සායනයක් පැවැත්වීමේ වැඩසටහන

62 පාසේමු යටතේ පාලනය වන 622 පාබල බසේමු බලප්‍රෙද්ශය තුල පිහිටා ඇති කාවන්තිස්සපුර රජමහා විහාරයේ ළමුන් 57 දෙනෙකු සදහා පොත්පත් හා පාසල් උපකරණ බෙදාදිම හා වෛද්‍ය අනුලා විජේරත්න මහත්මියගේ සහභාගීත්වයෙන් 78 දෙනෙකු සදහා වෛද්‍ය සායනයක් පැවැත්වීමේ වැඩසටහනක් 2023 අප්‍රේල් මස 30 වන දින සිදුකරන ලදි.

මෙම අනගිභවනීය මෙහෙවර 62 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජානක රණසිංහ යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ උපදෙස්, මග පෙන්විම යටතේ සහ 622 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඉනෝජ් ‍හේරත් ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ පුර්ණ අධික්ෂණය යටතේ 9 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරිගේ සංවිධානයෙන් යුතුව සිදුකරන ලදී.