Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

08th May 2023 13:13:01 Hours

62 පාබල සේනාංකය විසින් 'පාපැදි සවාරියක්' පැවැත්වීම

62 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජනක රණසිංහ ගේ සංකල්පයක් හා මගපෙන්වීම මත 62 වන පාබල සේනාංකයේ නිලධාරීන් සඳහා පාපැදි සවාරියක් 2023 මැයි 06 වන දින සංවිධානය කරන ලදී. පාපැදි සවාරියේ පළමු අදියර ගල්කුලම, පදවිය, කැබිතිගොල්ලෑව, මැදවච්චිය, සහ රබෑව ආවරණය කරමින් අනුරාධපුරයෙන් අවසන් වූ අතර මුළු දුර කිලෝමීටර් 110 කි. 62 වන පාබල සේනාංකය යටතේ රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 13 දෙනෙකු මේ සදහා සහභාගී විය. මෙම පාපැදි සවාරිය ඔවුන්ගේ කායික සෞඛ්‍යය, ශාරිරික යෝග්‍යතාවය සහ දරාගැනී‍මේ ශක්තිය වැඩිදියුණු කිරීමේ අරමුනින් පවත්වන ලදි.