Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

05th May 2023 12:17:37 Hours

සායනික උපදේශණාත්මක වැඩමුලුවක් පැවැත්වීම

වන පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් WWHRRVMNDKB නියංගොඩ RWP RSP VSV USP ndu psc ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සංකල්පයකට අනුව සායනික උපදේශණ වැඩමුලුවක් 2023 අප්‍රේල් මස 25 වන දින සිට 27 වන දින දක්වා තෝරාගත් නිළධාරීන් 17 දෙනෙකු හා සෙසු නිළයින් 5 දෙනෙකු සදහා මෙම මූලස්ථානයේදී පවත්වන ලදි. මෙහි අරමුණ වූයේ මෙම සේමු, බසේමු හා ඒ්කක මූලයන්හි උපදේශණ අංශයක් ස්ථාපනය කර සෙබලුන්ගේ පැන නගින රාජකාරීමය හා පුද්ගලික ප්‍රශ්ණ වලට විසදුම් ලබා දීමයි. මෙම වැඩමුලුව ජ්‍යෙෂ්ඨ මනෝවෛද්‍ය නිළධාරි බ්‍රිගේඩියර් RMM මොණරාගල USP, කපිතන් ඒස්ඒම්කේ සමරකෝන්, කපිතන් ඒච්ජීඒම් දේශප්‍රිය, බනි 1 ඒකේඩබ්කේ අබේවර්ධන යන උපදේශක මණ්ඩලය විසින් පවත්වන ලද අතර එම වැඩමුලුවේදී උපදේශණ හැකියාව,මානසික සෞඛ්‍ය ගැටලු හා මනෝ සමාජ කළමණාකරණය පිළිබද දැණුම ලබා දෙන ලදි. තවද උපදේශකයින්ගේ දැනුම හා පලපුරුද්ද අනුව පෙර සිදුවීම් විශ්ලේෂණය කළ අතර බුද්ධි කළම්භණය තුලින් සියලු දෙනාගේ දැණුම වර්ධණය කරගැනීමට කටයුතු කරන ලදි.