Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

04th May 2023 13:06:39 Hours

11 වන ගැමුණු හේවා බලකායේ බලඇණි පුහුණුවීම් ආරම්භ කිරිම

11 වන ගැමුණු හේවා බලකායේ බලඇණි පුහුණු පාඨමාලාව 2023 මැයි 02 වන දින 62 පාබල සේනාංක බලඇණී පුහුණු පාසල කල්‍යාණිපුර හි දි ආරම්භ කරන ලදි. පාඨමාලාවේ ආරම්භක දේශනය 62 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජානක රණසිංහ විසින් සිදු කරන ලද අතර, එම අවස්ථාව සදහා ප්‍රධාන උපදේශක, ආරක්ෂක සේනා මුලස්ථානය වන්නි හා 62 වන පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගිවන ලදි. 11 වන ගැමුණු හේවා බලකායේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් ගේ සහභාගීත්වයෙන් මෙම පාඨමාලාව 2023 මැයි 02 සිට 2023 ජුනි 20 දක්වා පැවැත්වීමට නියමිතය. තවද ආරම්භක දේශනයෙන් අනතුරුව තේ පැන් සංග්‍රහක් පැවැත් වු අතර, එහිදි 62 පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් සියළුම නිලයන් සමග අදහස් හුවමාරු කර ගන්නා ලදී.