Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

31st March 2023 10:38:40 Hours

ගැබිණි මව්වරුන් සදහා වියළි සළාක මලු බෙදා දීම

කිරිඉබ්බන්වැව, නිකවැව, ඇහැටුගස්වැව, නවගජබාපුර, නවමොණරවැව, ජනකපුර, හැළඹවැව යන ප්‍රදේශවල ජීවත්වන ගැබිණි මව්වරුන් හට උපකාර කිරීමේ අරමුණින් 2023 මාර්තු 28 වැනි දින මු/කිරිඉබ්බන්වැව මහා විද්‍යාලයේදී වැඩසටහනක් පැවැත්වූ අතර රු.5000.00ක් වටිනා වියළි සලාක ඇසුරුම් 40ක් ගැබිණි මව්වරුන් සඳහා බෙදා දෙන ලදී.

622 පාබල බලසේනා බලසේනාධිපති බ්‍රිග්‍රේඩියර් එචිඑමිජීඊ හේරත්අර්එස්පි යූඑස්පීපිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත මෙම වැඩසටහන සැලසුම් කරන ලද අතර මෙම උත්සවය 622 පාබල බසේමු හි සිවිල් සම්භන්ධීකරණ නිලධාරී හා 9 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී මේජර් එස්එච්සීඒ හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

ඇමරිකාවේ වෙසෙන බ්‍රාහ්මණගම මුදිත හිමියන්ගේ 70 වැනි ජන්ම දිනය වෙනුවෙන් මෙම වැඩසටහන පවත්වන ලද අතර ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ ඩෙට්‍රොයිට් නගරයේ වෙසෙන චන්ද්‍රපාල මහතා, චන්ද්‍රතිලක මහත්මිය ඇතුළු පවුලේ අය සහ දිනේෂ් මහතා, ජීවා විතානාරච්චි මහතාඔහුගේ ආදරණීය පුත්‍රයා සහනාමල් කුමාර මහතා, වෙනුරි රත්නපාල මහත්මිය මේ සදහා දායකත්වය දක්වන ලදී.