Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

19th March 2023 18:38:21 Hours

නවතමයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද පුස්තකාල කාමරය, ක්‍රියාකාරකම් කාමරය සහ වැසිකිලි සංකීර්ණයක් පදවිය කොන්කැටියාව ප්‍රාථමික විද්‍යාලීය සිසුන්ගේ පරිහරණයට භාර දෙන ලදී

පදවිය කොන්කැටියාව ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ 2023 මාර්තු 16 වැනි දින පැවති කෙටි උත්සවයකදී නවතමයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද පුස්තකාල කාමරය, ක්‍රියාකාරකම් කාමරය සහ වැසිකිලි සංකීර්ණයක් විද්‍යාලිය සිසු අයිතියට පත් කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා Astra, Upfield Lanka (Pvt) Ltd විසින් අනුග්‍රහය සහ අරමුදල් සපයනු ලැබුවේ ඔවුන්ගේ ඇස්ට්‍රා උදෑසන ආහාර අරමුදල් ව්‍යාපෘතියට අනුකූලව පාසලේ සිසුන් 130 කට සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකුට පහසුකම් සැලසීමෙනි. සිසුන්ගේ පරිශීලනයට අවශ්‍ය පොත්පත් විශාල ප්‍රමාණයක් පුස්තකාලයට තිළිණ කරන අතරම, මෙම පරිත්‍යාගයට අමතරව, Astra කණ්ඩායම විසින් සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන්ගෙන් වෙනුවෙන් ප්‍රයෝජනවත් වන හොඳම පෝෂණ පිළිවෙත් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

14(සෙවි) ශ්‍රිලපාහ ඒකකයට අයත් භට පිරිස්වල සහය ඇතිව 62 පාබල සේමු හි ඉංජිනේරු සේවා රෙජිමේන්තු අංශය විසින් මේජර් කේබිජි අත්තනායක - අණදෙන නිලධාරි 14(සෙවි) ශ්‍රිලපාහ ගේ අධීක්ෂණය යටතේ සහ බ්‍රිගේඩියර් අයි එන් කඳනාආරච්චි ආර්එස්පි - 621 පාබල බලසේනාවෙ බලසේනාධිපති තුමන්ගේ මගපෙන්වීම යටතේ ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මේජර් ජෙනරාල් ආර්ඒජේඑන් රණසිංහ ආර්එස්පි යුඑස්පි එන්ඩිසි - 62 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘතිය සැලසුම් කරන ලදී.